දුවක්


කාලයක් තිබුනා
අම්මගේ ලස්සනට
මම ඊරිසියා වුණ
උදේ පාන්දර
ගෙදර ඇවිදින්
දවල් දවසෙ
නිදාගනිද්දී
කාලයක් තිබුනා
මම ආඩම්බරවුණ
ජම්බු ගෙඩියක් වගේ
බොහෝ අය කියද්දි

ඒත් අද
ඔබ
ලෙඩ ඇඳේ එකතැන්වූදා
රස්සා හොයමින්
මහ මග ගාටා
කකුල් හඬනකොට
අම්මගේ අඩිපාරෙ යන්නටම
හැම බල කරනකොට
මට හිතෙනවා
මම ආඩම්බරවුණ ලස්සනම
මට ඔච්චම් කරන බව



Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්