අස්ථානගත ප්‍රේමය


අරුමැසි ප්‍රේමයෙ සුසුමන් අතරට
රාගයේ ගිනි සිළු වැදුනයි
සියුමැලි දෙතොලඟ
රළු චුම්බනයක පහසින්
මත්වී ගොළුව ගියයි
ආශාවන්ටම නතුවුන සිරුරක
අකාලයේ මල් පිපුනු වගයි
අස්ථානගත පිවිතුරු ප්‍රේමය
තනි යහනක අද කඳුළු සලයි


Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි