සත් දරු මව්


සත් වරක් සුබ සිහින දැක මම
සත් වරක් මව් පදවි ලැබ මම
සත් වරක් දරු දුකින් හැඬු මම
සැත්තැ සත් වර වැලපෙමී මම

පිබිද හිරිගඩු පිපෙන අළුයම
අහර සරි කර කුස පුරවන්නට
කිලිටි රෙදි කඳු සැනින් සුදු කර
දිරිය දුන්නා දූ දරු සැමටම

අහස අල්ලන සත් මැදුරු දොර
වසා දැමු අගුලුය සත් අතටම
අහස් වියනට මුවාවී මම
සැතප සිතනෙමි ඉරණමක අරුමය

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්