සුබ පැතුම්
කඳුළු සායමින් කළ සිත්තම්
කෝපයේ රුදු සිතුවිලි ගෙත්තම්
සැක සංකා නොපනත්කම්
අකුරු කරනයුරු බලා සිටියෙම්
සතුට දෝරෙ ගලන වෙලාවක
කුරුටු ගෑ පද පේළි දැක
හැඳින්නෙමි ඔබ සිත
නමුදු රැකිමි
මුණිවත
දින සති මාස ගෙවී ගොස්
වසර අවසානයට විත්
සමු දෙන්නම් දුකින්
අළුත් දිනපොත වාසනාවන්
Comments
Post a Comment