පිනිපොදකට පෙම් බැඳ


මිහිකත කඳුළු සුන්දරමය හිමිදිරියේ කියලා
තණ අග රැඳුණු පිනිපොදකට ඔහු අද පෙම් බැඳලා
මගෙයි කියා කියමින් පිනි බිඳ නිරතුරු රැකලා
හිරු කුමරුන් සිනා දැකලා අද තනිවී අඬලා

කාන්තියෙන් දේදුන්නේ දෑසම අඳ වී ගියදා
රැකගන්නට දේදුනු රැස් අහස බලා ඉඳලා
මගේමයැයි ලොවට ඇසෙන පුරසාරම් දොඩලා
අද හඬනවා වියෝ දුකින් අහස අඳුරු වූදා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්