පොලොස් මාලුව

පොලොස් මාලුවට මා ද ගෙදර සියල්ලන් ද මහත් කැමැත්තක් දක්වයි. ඔහුගේ මහ ගෙදර ගොස් පැමිනෙන විට මද ගින්නේ පිසූ පොලොස් මාලුවක් වරදින්නේම නැත. කොහේ කොතන පොලොස් ගැටයක් දැක්කත් එය ගෙදර ගෙන ඒමේ හොඳ ගුණය ඔහුට ද ලැබී ඇත.

අනික් අතට දෙල් ද රස අහරකි. කිරට හෝ මිරිසට මිටිකිරි යහමින් දැමූ දෙල් සමගම වුව බත් කන්නට පුළුවන. දෙල් හා පොලොස් පිසින ක්‍රම විවිධය.මහ ගෙදර පොලොස් මද ගින්නේ පිසගත්තද අපේ ගෙදර නම් පීඩන උඳුනේ පිහිටෙන් හරි අපූරුවට පොලොස් තම්බා ගත හැකි බව මම සොයා ගතිමි. කිරෙන් හෝ ජලයෙන් ඒ ඒ අවස්ථාව සහ සම්පත් අනුව මම පොලොස් පිසින්නෙමි.සාමාන්‍යයෙන් පොලොස්, දෙල් වැනි ගෙඩි වර්ග කපා ජල කහට නොපිපෙන්නට ජල බඳුනක් තබා තැබීම අතවැසි කාන්තාවගේ සිරිතය.

 එදිනද ඇය එසේ පොලොස් ගෙඩියක් කපා තැබුවාය. මම වෙහෙසකාරි දවසක අවසන ජලය ස්වල්පයක් ලිප තබා එය උතුරද්දී සෝදාගත් පොලොස් සමගම වෙනදා පරිදි තුනපහ ආදිය උතුරණ ජලයට දමා උඳුනේ මූඩිය වසා තැබුවෙමි.පීඩන උඳුන කිහිපවාරයක් හඬ දුන් පසු වෙනදා පුරුද්දටම තෙල් ස්වල්පයක් ලිප තබා අඩුම කුඩුම තෙම්පරාදුවට වත් කර තැම්බුනු පොලොස් ද එකතු කලෙමි. එවිට මට සිනහව වලක්වා ගත නොහැකි වූයේ මා මෙතරම් ආලවට්ටම් දමා ඇත්තේ කපාපු දෙල් වලට බව දුටු විටය.
මගේ පුතුන් නම් මේ අලුත් දෙල් මාළුව රසයි කියා අනුභව කිරීම මගේ වෙහෙස නිවී යාමට හොඳම මග විය.

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්