අපේ ගෙදර කවදත් සුරතලෙක් සිටියේ නැත. මගේ මතය වූයේ , සුරතල් සතුන් අපිට කලින් මිය යන නිසා නිකරුනේ සිත් රිදවාගැනීම් ළඟා කරගන්නේ මොකටද කියාය. මට නම් සුරතලුන් හතර දෙනෙකි. ඒ මගේ පුතුන්ය. එහෙත් පුතුන් ටිකෙන් ටික වැඩෙන විට , ඔවුන්ට සුරතල් සතෙකු අවැසි විය. හැම්ස්ටර් මීයා ( මී උණ ) , බල්ලා (කොහේද ශරීර කෘත්‍ය සඳහා ගෙනියන්න්නේ) , කුරුල්ලො ( කුරුළු උණ ) මෙසේ යෝජනා සහ ඒවාට විරුද්ධ හේතු බොහෝමයකට පසු මගේ මිතුරියකවූ කාමන්ගේ නිවසට ගිය විටක ඇය හාවන් ජෝඩුවක් දුන්නාය. මුලදී වගකීම නිසා කෑම බීම ලබා දුන්නද පසුව හාවන් මගේ ද සුරතලුන් විය. ඔවුනගේ කෑම් බීම සිදුවූයේ මා අතිනි. හා කූඩුව අස් කිරීම තාත්තලා පුතාලාට පැවරින. එක් දිනක් විනොද ගමනක් ගොස් ගෙදරට එද්දී අහල පහල බල්ලන් තාප්පය පැන විත් හාවන් මරා දමා තිබින. අපි සැවොම ඇඬුවෙමු. මමත් ලොකු පුතාත් සදහටම සතුන්ගේ මස් කෑම අතහැරියෙමු. (මට මාළුන්ව ඒ සතුන් හා නොපෙනෙන නිසා මාළු නම් මම තවම පරිභෝජනය කරමි ) එසේ මෙසේ කෙසේ හෝ තවත් සුරතල් සතුන් එපා කියා සිටියත් ටික කලක් යනවිට නැවත මේ කතා ආරම්භ විය. දවසක් පන්ති අවසන්ව එනවිට ලොකු කාර්ඩ්බොඩ් පෙට්ටියක තාත්තාටත් හොරෙන් මෝට...