ළේලි

අමතක කරනු කෙසේ කැන්දන් ආ දවස
පුරාජේරු කතා රැකියාවැති ළේලි ගැන
කී දවසක් ගෙනත් දුන්නද ඔසු පැන් පෙතිද
නෑසියන් හා අසල්වැසියන් වෙනුවෙන්ම
කිරි කොක් සුද පරදවනා නිළ ඇඳුම ඇඳ
අසරණ මවුන් හට අත දෙන මා දැණුම
දිව සරණක් බව කියුවත් නොයෙක දන
නිවෙසේ කිරුළ නැත පළඳා මා තවම
ව්යසන වසංගත නිවසට කැන්දාන
ගෙන එන විසබීජයකි මා දැන් කිව්වාම
කොහොම කියන්නද නැහැ යයි හැමදාම
ආරක්ෂාව මගේ පැනයක් හින්දාම
ගොවිතැන් කරන හිමි ආදායම තිර නොමැත
නිවාස ණය තාමත් ගෙවී අහවරව නැත
රැකියාවට සෙනෙහෙන් මා හද උතුරාය
බිය හා අපවාද ගින්නේ මා දැවිලාය

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි