Posts

Showing posts from March, 2020

සහකම්පනය අවැසිය

ළදරුවන් දරුවන්ව ශිෂ්‍යයන් වී දිනෙක තනයි රට පුරවැසිව දෙමාපිය සෙනෙහසක දැවටෙමින් නිරතුරුව සුරතල්වූ පුතා දුව සිප් හලට යා යුතුය ගුණ ණැනෙන් පිරී ගිය පුරවැසියො තනන්නට මනු දමෙන් සිත් පිරුණු ගුරුවරුන් අවැසිමය අසනීප දරු පැටව් උරයේ හොවා හැම කලම මා පියන් දුව යන්නෙ ළඟම රෝහල් වෙතය රටේ දන මුදල් වල අරුත් මේ යැයි කියන වෙද හෙද දනන් තුල සහකම්පනය තිබිය යුතුමය ලොව හැම දන සතුව මනු දම් තිබිය යුතු වුව වෙසෙසින් ගුරු හෙද වෙද දරුවන් හා රැඳෙන කල වෙසෙසින් උන් රැක්ම අවැසිය

Farewell Note

Thunder or lightning will unable to change cool calm composure always the same Conversant voice resolved many sprains amiable manners salve to end the pain Peace and reconciliation words some hate charmed and delivered to those in calamitous state Observed closely Empathy is her trait

ප්‍රඥාව සැඟව තිබුනා

බිජුවට බඩවත සඟවාන මුවින් හොඳම කිව්වාට කිල්ලෝටවල හුනු ටික ටික තිබුනා ඔය සුදනන් මඩිස්සල හිතුනු දේ මා කිව්වාම ඒ අය නොකියා හිටියාම නුගුන පෙනුනු මගේ නිසාවෙන අම්මා කීවේ මා මෝඩයෙක් බව උගත් කම් මත නොපිහිටා කූඨ නීතිය යොදවා සොයුරු සොයුරියන් දිනු නිසා මා ප්‍රඥාව සැඟව තිබුනාදැයි විටක සිතුනා හැත්තෑවෙනි විය අගිස්සේ අවඥා වදන් වස්සන නැගනියේ ජීවිතය පිනි බිඳකි උදා හිරු එළියේ නුවණැත්තන් හා මුග්ධයන් එක සරියේ තුරන් වෙයි මොලොවින් නොදැනිමි ඒ කී වෙනි පැයේ සෙනෙහසම වපුරා කපාගමු අස්වැන්න සිත් සතුට දරා ඔබයි ඉතින් හපනා පිසදා තෙත් නෙත් කියමි ඉඳුරා