Posts

Showing posts from December, 2018

Yardbird

You might think you are safe Happy and continue with your work Truly you are monitored by them Even you are no one you think They talk smile and joke with you Assign work delegate tasks Never you’ll feel you are caged As the prison is an open space When visitors come they will come Share the space making notes Phones are tapped digital traps You are being watched do not move Privacy is blocked no personal space Everything should be publicly shared The rules are only for you not for them Beware they will follow you through Bringing in darkness is the need Show your smile no protests please World is a cruel mean place If you survive you have won the game

බය

අවදිවන්නේම බයෙන් මොන මාළුවට ලුණු වැඩිවේවිද තවත් බයක් දරු තනිවම ගෙදර නිවාඩුවේ ඊළඟට බස් රථයෙ අනුන් බර දරන්නට අයුක්තියට කට ඇරෙනවට වැඩිම බය නැතිකරගන්නට රැකියාව නොපෙනෙනවා වගේ ඉන්නවා අනඟ සිනා කතා ලොකු කැරකෙන පුටුවල ඉඳ හිටක පොඩි පුටුත් බලන්නේ හරහට බයක් නැහැ දෙකක් කිව්වම සරෙන්ඩර් ආයෙත් ගෙදරට ගමන බය බිරාන්තව පොදු ප්‍රවාහනයෙ මේ කොයි බයටත් වඩා උග්‍ර විෂ වන් බය කරුවල වෙනවාට මදුවිත ගඳ ගහන මුව දිගට හරහට බනිනකොට කෑම රස නැතැයි කියන්නද මා හේතුවක් බුලත්විට නිදන කුටිය මහ භයානක තැනක් වියලි තුරු වැල් මතින් තෙතක් නැති බිම් කඩක් පාරවා සිසිල සොයනා වෑයමක් පෙර වැරදි මතක් කරමින් නැවත නැවතත් දොස් අසනා තැනක් කඳුලින්ම ඇස් පියවෙන නින්ද නම් බය නැති තැනක් සදාකාලයටම ඇස් නොඅරින්නට හිතෙන එකම එක ක්ෂේම භූමියක්

ඉසිඹුවක් වෙද

නිවන සරතැස සුළඟ කොහිවෙද පිපස නසනට ජල බිඳක් වෙද සසර සරණට තව කලක් වෙද නිවන සොයනට ඉසිඹුවක් වෙද බැඳුනු බැඳුමන් අමතකව හිත හෙළන සුසුමන් නවතලා අද සසර කතරෙන් එතෙර වන්නට මගක් සොයමුය නවතලා වැඩ