දුර
දහස් නෙතු
පසුකර ඇවිල්ලා
අපේ සිත්
බැඳුණා
සෙනෙහෙ
සුවඳින් හද පිරීලා
යුගදිවිය
ගෙවුනා
අපේ කූඩුව
සොඳුරු වීලා
දරු නැළවිලි
ගැයුනා
දිවා රෑ නැති
වැඩ කන්දරාවෙන්
අප දිවිය
පිරුණා
නැහැ එදා
පෙම්වත් කතා
අපි දුරයි
සිතුනා
නුහුරු බස් හා
නපුරු වුවණත
සිතට දුක
දුන්නා
කඳුළු බිඳුවක
සිසිල එදවස
සැණසුමක්
වන්නා
අතීතයෙ මල්
පාර සිහිවී
සිතට දිරි
දුන්නා
යමුද හෙට දින
ඒ මගම අපි
අසන්නට සිතුනා
Comments
Post a Comment