පැතුමන්
මා සිත් මඩලෙ කටු ඇනුනා මමත් දනී
ඔබෙ සිත පුරා කටු ඇනුනා ඔබත් දනී
කටු පිරි මගේ පියනැගුවා දෙදෙන දනී
සුපැතුම් පතන අප නෑසියො එය නොදනී
බාලේ සිටම බැඳි ඒ සැලමුතු පෙමට
කුලගොත් යදම් බිඳිනා සවි නැති පවට
එක මග පියනගා යන්නට වී අපට
මා පිය සෙනෙහෙ අත හැරුමට බැරි කමට
ඇගේ නෙතේ පිරි කඳුලැලි වියැකේවා
ඔහු දුක් සුසුමන් දුර ඈතට පාවේවා
ඔබේ මුවග සැමදා මුදු හසරැල් පීදේවා
ඔබ මට මෙන්ම මා ඔබටත් සවියම වේවා
Comments
Post a Comment