අවසන් කව
මිහිකත් මවුන් සහ වැහි දෙවි අරෝවකද
වැහි දෙවි රදුන් අප අතහැර ගියාවද
සිව් කන්නයක වී ගෙපැලට බර වැඩිවීද
අප දිවි බිලි දුන්නොතින් ඔබතුම තුටුවේද
මඩසෝදාගත් කළ ගොවි රජවේද
රජකම් ගන්නට අද මඩ කොහෙද
දූවිල්ලෙන් අප සාගිනි නොනිමේද
සාගත නියඟය අප දිවි බේරාද
මල් වතුරෙන් හිස සෝදා දූ ගෙට ආදා
සෙනේහයෙන් කන් පෙති මා හැඩ කළදා
කඳුළු මලින් ඇගෙ ගෙල වට
සැරසූ දා
අමතක නොවේ මුව කුසුමන් පීදුනුදා
කුසගිනි වැඩිවෙලා ලිප ගිනි නිමුන එදා
කන කර පොළි මුදළාලිට හිමි වුනදා
ජල බිඳුවක් ඇස් මානේ නොපෙනෙනදා
අප්පච්චී දුවේ යනවා ඔබ හැරදා
Comments
Post a Comment