මගෙ පෙම්බරිය
හිසකෙස් අතර ඔබ අතැඟිලි නටන විට
දෝරෙ ගලයි මගෙ හිත ඇති සෙනෙහෙ ගඟ
පතාගෙන පෙර සසරේ පුරුදු ලෙස
හමුවුන ඔබ මගෙ පෙම්බරියයි පිදූ හද
මගෙ දැඩි බස් වලට නිති රිදුනද ඔබේ හිත
නෑ කියුවේ ඔබ ඒ ගැන අවලාද
කරබාගෙන කෙහෙරැලි අතරින් යනවිට ඔබ සුරත
ඔබෙ හිත හඬනයුරු දැනුනා මගෙ හදට
සමාව ඉල්ලනු බැරි මානය මගෙ හිසේ ඇති
ආදරයෙන් ළඟ ගැවසෙන ඔබට තුතී
සසර පුරා මා ලලනම
වෙන්නට පතමි
නැතිනම් මතු දිනක වේවා ඔබ මගෙ මෑණී
Comments
Post a Comment