පැතුමක්
සෙනෙහසට පෙම්බැඳියෙන්
උපන් ගම් බිම් අතහැරියෙන්
මගේ මට යන අයිතියෙන්
උගුල්ලා දැමු රුකක් වූයෙම්
නෑදෑ පිරිවරද මිතුරු සතුරෝද
නොම පෙනෙනා දුර කතර
ගියා මම එදා කඳුළු නොහෙළාම
ලැබුනත් සිනහා මල් කළඹක්
වදනක්වත් නොඅසා බොහො කල්
සිත සනසන සිහිල් මදනලක්
හමා යාදෝ සිතුමම ඛේදයක්
Comments
Post a Comment