සිනහ ගාස්තු
මානව සබඳතා විෂමය. අපි කිට්ටුවෙන් ඇසුරු කරන අයවළුන් සිටින අතර සමහරු සිනාසෙන තරමට දන්නා අයය. එසේම නොදන්නා අයවළුන් සමගද අපි සමහරවිට සිනාසෙන්නෙමු. ඒ හිතවත්කමටත් වඩා මානව දයාව නිසායැයි මට සිතේ. අද උදයේ රාජකාරි කටයුතු සඳහා ඇවිදගෙන ආ අඩි කිහිපයේ සිනහවක් නිසා මට මගේ මාරු රුපියල් 500ක් අහිමි විය. ඒ සඳහා මට නෝට්ටුවක් ලැබුනු නිසා එය වංචාවකට හසුවීමක් ලෙස වරදවා වටහා ගත යුතු නැත.තුන් රියක් අසබඩ තරුණ ගැහැණු දරුවෙක් සිටි අතර මා හා ඇය ඇස් ගැටින. මම සිනහවක් දුන්නෙමි. ඒ සමගම ඇය කීවේ "අනේ මේ සල්ලි මාරු කරලා දෙන්න පුළුවන්ද" කියායි. මා සතුව මාරු සල්ලි තිබුනු නිසා මුදල් හුවමාරු කරගතිමි. ඒ සමගම පැණයක් රැඳි ඇසක් මා වෙත යොමු විය. ඒ ඇස් අයිතිවූයේ පර්දාවකින් ගත වසා සිටි තරුණ කතකටය. ඇයටද සිනාවක් දුන් මම ගේට්ටුවෙන් ඇතුළුවූයෙමි. මගේ සිත ඇදී යන්නේ දශක ගණනාවක් එපිටටය. මම පහේ හෝ හයේ පන්තියේ එකල සිටියෙමි. මට මතක ආකාරයට බස් ගාස්තුව සත විසිපහය. අම්මා වැඩිපුර සතයක් අතට නොදේ. මම කඳානෙන් බසයට ගොඩ වුනෙමි. කොන්දොස්තර පැමිණ සල්ලි ඉල්ලීය. මම බෑගයට අත දමමින් හොයන්නට වීමි. මුදල අත නැත. මා අසලම වාගෙ කිසිදා මා කතා කර නො...