ගමෙන් හසුනක්
මොන අගුළු දැම්මත් ගමේ අපි නම් තවම නිදහස් වවාගෙන අලයක් කොලයක් කන්නෙ අපි නොමවී රටකට බරක් අනාගත් බත් පත උගුරෙන් පහළට යන විට හිරවෙනවා දැනෙනවා නිතරම මලේ උඹ බඩගින්නෙදැයි හිත මට එක් කුස උපන් ඔබ මට බාල තත්පර ගානකින් වෙද කරුම ග්‍රහචාරය දෙතැනක රැඳවුවා අප නෙව තාත්තා විස්සෝපයෙන් මතක් කල විට අම්මා නම් කීවේ දිවි ඇති තෙක්ම නුඹ දවසකදී එතෙර කරවනා බව සසර සයුරෙන් අප හත්මුතු පරපුරම ඉගෙනීමටත් හරි දස්සයි හරබර දම් දේසනා සුමධුරමයි ඉඩ කඩම් දේපොලත් බොහොමයි ගෝල තැන සුදුසුම කොළඹටයි ලොකු උන්නාසෙගෙ ගෝල නම වඩිනවා සයුරෙන් එතෙරට අඩු පාඩුව පුරවන්නට ඒ පෙදෙසට යන බව දැනගත්තෙ ගිය පෝයටය මළපොතේ අකුරක් නොදැනම කට්ටි පැන පැන ඉස්කෝලයෙන් මම මායියෙක් ගෙන ආවෙන හේනේ මගෙ පැලට කොහොම එන්නද ඔබ දකින්නට දුරු රට වසංගතය මහ දරුණුයි පැතිරෙන්නෙ කාටත් නොදැනීමයි මුඛ වාඩම සහ අත් සේදීමයි ඔසු නැති මේ ලෙඩේ වලකන මගයි ළඟදි මායියා බැලීමට ආ මිඩ්වයිෆ් නෝනා කියනවා මට ඇසුනා පේරු දානය සකසා එවන්නට එපා යයි පණිවිඩය පන්සලෙනුත් ළැබුනා අගුළු දාලයි කොළඹ රට හෙළ්ලුම් බොරුය නිවසෙන් පිට අහසින් ඇවිත් පොලෝසියේ මහතුන අල්ලා ගන්නෙ එහෙ මෙහෙ ඇවිදින අය විස්ස විජ්ජා...