හිඟමන්
සුමුදු සියුමැලි පාද සිඹිමින් කිකිණි නද සිනහාම යදිමින් උකුළු යහනේ සැතප හිඳිමින් මවක කිරුළ ම හිස පැළඳවූ මගේ පුතු කොහේද අසමින් වැලපෙනා මව් සෙනෙහෙ විඳිනෙම් කඳුලක තෙත දෙනෙතකට නොදෙමින් ගිලන් හල් යහන් තලාවේ බිඳිති රුහිරය ගලන යාමයේ නොදකිනා දෙව් බඹුන් හමුවේ පුතේ නුඹ දිවි පමණි පැතුවේ අඳ බිහිරි හෝ දෑත් දෙපා හෝ තිබුනත් නැතුවත් ප්‍රාණය පමණයි පුතේ දෙවිඳුගෙන් හිඟමන් යැද්දේ